Thursday, February 17, 2011

දකුණේ නීතිය

අද ඔන්න ආව අපහු බ්ලොග් එකට ඇදුමක් අන්දවල යන්ට කියල. පරණ ඇදුම සෑහෙන්න පරණයි.
ඒ ඇදුමට බ්ලොග් එක බලන් ඉන්නත් අමාරුයිලු... ඔය සේටම හින්ද ඇන්දුව අලුත් ඇදුමක්... මාත් ඒකට පොඩි අයිසින් පාරක් දැම්ම...
කශ්ටිය කියන්නකො කොහොමද කෙල්ල කියල දැන්.. හික්ස් :D

අද මේ පැත්තෙ ආපු හින්ද කතාවක් කියලම යන්න හිතුන. හැබැයි අද කියන්න යන්නෙ දිව්‍යලෝකෙ කතාවක් නෙමේ. වෙන කතාවක්.
දිව්‍යලෝකෙ දැන් කතා තුනක්ම කිව්වනෙ. තව ගොඩක් දිව්‍යලෝකෙ කතා තියෙනව. තාම හොද හරිහ ආවෙ නෑ ඒ සීරීස් එකෙ. :D
අපේ කශ්ටියත් මට එහෙදි හමබවෙනවනෙ. හේ හේ

අද කතාව..
මේ කතාව මතක් වුනේ අපේ තව බ්ලොග් ලියන සහෝදරයෙක්ගෙ පෝස්ට් එකක කොමෙන්ට් එකක් දැකල...
මේක මට කිව්වෙ මගෙ ලගම නෑදෑ වෙන අයියා කෙනෙක්.

මේ කියන බුවා ස්කෝලෙ යන කාලෙ කැඩෙට් කලා.
ගියේ ගම්පහ ගම්පහ ප්‍රසිද්ධම පාසැලකට.
හැමෝම දන්නවනෙ ස්කෝලෙ කැඩෙට් කරන ලමයි අවුරුද්දකට සැරයක්
රන්ටැබේ තියෙනෙ ඇගැයීම් කදවුරට යනව කියල..
ඕකට පාසැල් යන්නෙ බලකා විදියට. පලවෙනි, දෙවෙනි වශයෙන්..
බලකායෙ හොදම පාසල් තෝරල ,වසර අන්තිමට තියෙන අවසාන කෑම්ප් එකට යනව..

ඉතින් ඔය තේරිල්ල හින්ද පාසල් අතරෙ ලොකු තරගයක් තියෙනව.
ඒ හින්ද, ඕකට ඉතින් යන්න කලින් කශ්ටිය එකසිය ගානට ප්‍රැක්ටිශ් කරලනෙ යන්නෙ.
අවි හරබය, සරඹ , දැනුම මිනුම වගේ ගොඩක් දේවල් වලින් පාසල් වලට ලකුණු දෙනව..

ඕන්න මේ ශෙට් එකත් ගියාලු ඔන්න රන්ටැබේ කෑම්ප් එකට..
දැන් ඉතින් ඔය එක එක එව්වගෙ කශ්ටිය යෙදිල ආවලු දැනුම මනින පරීක්ෂණයට

එක එක එක්කෙනාගෙන් නිලධාරින් ප්‍රශ්න අහනවලු..
ඔය සෙට් එකේ හිටිය පොඩ්ඩක් අමුතු බුවෙක්..
ඔන්න බුවාගෙත් වාරෙ ආවලු පිලිතුරු දෙන්න..

පලවෙනි පශ්න දෙක බුවා කොහොම හරි ගැටගහ ගත්තලු..

ඔන්න තුන්වෙනි පුරසෙනෙ....

නිලධාරිය: "මට කියන්න බලන්න එහෙනම් දකුණේ නීතිය කියන්නෙ මොකද්ද කියල "?

අර බුවා ටිකක් වෙලාකල්පනා කරල කිව්වලු...

" අනේ සර් අපි ගම්පහනෙ " කියල......

5 comments:

යෝගී... said...

දැං මේ දකුණෙං යන්ඩ හදන්නෙ - අපායෙං එලෙව්වද ? :D
ඇඳුම නං ලස්සනයි මචා.

Anonymous said...

බනඩ ලගේ platoonඵක නේද ඔය???
දන්නෑත්නම් 'මෑසා' ලගෙන් අහන්න තිබ්බනේ.

සරදියල් said...

@ යෝගි
ටැන්කූ මචන් මේ පැත්තෙ ආවට....

@ඇනෝ..
හී හී මේක මොනව වුනත් මේ පාසැලේ ප්ලැන්ටූන් 3 ක්ම තියෙනව, ඒ වගේම ඔය තුනම ලංකාවෙ ඉහලම ස්ථාන නිතරම ගන්නව...

සිහින said...

පට්ට කතාව... වැඩේ කියන්නේ මාත් ගියේ ඔය ඉස්කොලෙටම තමයි.හික් හික්.කොහේ ගියත් අපේ එකෙක්නෙ...

SPORTS said...

saradiyel aiya, oya subtitle dapu AVATER 2009 film eke sinhala sub vada karanne naha. sub eka thiyana zip file eka unzip karapuhama, nikan data file ekak saha internet explorer file ekak vitharak enawa, anith film vala vage .str media file ekak penenda naha. oyata puluwannam mata sinhala sub eka mail karanna. budhu saranai....! eranda99@gmail.com