Thursday, February 17, 2011

දකුණේ නීතිය

අද ඔන්න ආව අපහු බ්ලොග් එකට ඇදුමක් අන්දවල යන්ට කියල. පරණ ඇදුම සෑහෙන්න පරණයි.
ඒ ඇදුමට බ්ලොග් එක බලන් ඉන්නත් අමාරුයිලු... ඔය සේටම හින්ද ඇන්දුව අලුත් ඇදුමක්... මාත් ඒකට පොඩි අයිසින් පාරක් දැම්ම...
කශ්ටිය කියන්නකො කොහොමද කෙල්ල කියල දැන්.. හික්ස් :D

අද මේ පැත්තෙ ආපු හින්ද කතාවක් කියලම යන්න හිතුන. හැබැයි අද කියන්න යන්නෙ දිව්‍යලෝකෙ කතාවක් නෙමේ. වෙන කතාවක්.
දිව්‍යලෝකෙ දැන් කතා තුනක්ම කිව්වනෙ. තව ගොඩක් දිව්‍යලෝකෙ කතා තියෙනව. තාම හොද හරිහ ආවෙ නෑ ඒ සීරීස් එකෙ. :D
අපේ කශ්ටියත් මට එහෙදි හමබවෙනවනෙ. හේ හේ

අද කතාව..
මේ කතාව මතක් වුනේ අපේ තව බ්ලොග් ලියන සහෝදරයෙක්ගෙ පෝස්ට් එකක කොමෙන්ට් එකක් දැකල...
මේක මට කිව්වෙ මගෙ ලගම නෑදෑ වෙන අයියා කෙනෙක්.

මේ කියන බුවා ස්කෝලෙ යන කාලෙ කැඩෙට් කලා.
ගියේ ගම්පහ ගම්පහ ප්‍රසිද්ධම පාසැලකට.
හැමෝම දන්නවනෙ ස්කෝලෙ කැඩෙට් කරන ලමයි අවුරුද්දකට සැරයක්
රන්ටැබේ තියෙනෙ ඇගැයීම් කදවුරට යනව කියල..
ඕකට පාසැල් යන්නෙ බලකා විදියට. පලවෙනි, දෙවෙනි වශයෙන්..
බලකායෙ හොදම පාසල් තෝරල ,වසර අන්තිමට තියෙන අවසාන කෑම්ප් එකට යනව..

ඉතින් ඔය තේරිල්ල හින්ද පාසල් අතරෙ ලොකු තරගයක් තියෙනව.
ඒ හින්ද, ඕකට ඉතින් යන්න කලින් කශ්ටිය එකසිය ගානට ප්‍රැක්ටිශ් කරලනෙ යන්නෙ.
අවි හරබය, සරඹ , දැනුම මිනුම වගේ ගොඩක් දේවල් වලින් පාසල් වලට ලකුණු දෙනව..

ඕන්න මේ ශෙට් එකත් ගියාලු ඔන්න රන්ටැබේ කෑම්ප් එකට..
දැන් ඉතින් ඔය එක එක එව්වගෙ කශ්ටිය යෙදිල ආවලු දැනුම මනින පරීක්ෂණයට

එක එක එක්කෙනාගෙන් නිලධාරින් ප්‍රශ්න අහනවලු..
ඔය සෙට් එකේ හිටිය පොඩ්ඩක් අමුතු බුවෙක්..
ඔන්න බුවාගෙත් වාරෙ ආවලු පිලිතුරු දෙන්න..

පලවෙනි පශ්න දෙක බුවා කොහොම හරි ගැටගහ ගත්තලු..

ඔන්න තුන්වෙනි පුරසෙනෙ....

නිලධාරිය: "මට කියන්න බලන්න එහෙනම් දකුණේ නීතිය කියන්නෙ මොකද්ද කියල "?

අර බුවා ටිකක් වෙලාකල්පනා කරල කිව්වලු...

" අනේ සර් අපි ගම්පහනෙ " කියල......

Friday, February 4, 2011

සරදියල් දිව්‍යලෝකයෙ ගිය හැටි 3




ඔන්න මේ කතාවෙ තුන්වෙනි කොටස ලියන්නයි කියල තම්යි මේ තනන්නේ

පලමු කොටස සහ දෙවෙනි කොටස කශ්ටිය බලන්න ඇතිනේ. වැඩි කතා ඕනෙ නෑ කෙලින්ම බහිමු කතාවට.


ඔන්න මාත් දැන් ඒ පාර දිගේ ඉස්සරහට යනව. මට කලින් ගිය බුවා පේන්නවත් නෑ
මට සැකයි මූ කීයක් හරි අර ඩයල් ටිකට දීල දිව්‍යලෝකයෙට මාරු වුනාදවත් කියල.
තාම හැබයි මම දන්නෙ නෑ මම මේ අපායටද දිව්‍යලෝකයෙටද යන්නෙ කියල. මම දන්නෙ එකම දේ , මම යන්නෙත් අර මැරය ගිය පාරෙ කියල.
මැරයෙක් ඉතින් කොහොමද දිව්‍යලෝකයෙට යන්නෙ නේද?? මැරයො යන්නෙ අපායටනෙ.
මට ඉතින් දැන් අර මැරය ගිය පාරෙම අපායට යන්න වෙච්ච එක ගැන පට්ට අප්සට්. දැන් මේ වෙලාවෙ මගෙ ඔලුවට ප්‍රශ්න ගානක් එනව.

1) ඇයි මං උතුවම් කන්දෙන් බැහල කොලඹ යන්න ආවෙ?
2) ඇයි මං කෝච්චියේ යන කොට ගොනා වගේ s10 වලට අතවන්න ගියේ?
3) ඇයි මං අපායට යන්නෙ?
4) මොකද්ද මං අපායට යන්න කරපු පව
5 )ඇයි මට දිව්‍යලෝකයෙට යන්න බැරි වුනෙ?
6) මගෙ ඉස්සරහ බෑග් එක , පිටිපස්සෙ තිබ්බෙ බෑග එකට වඩා ලොකු වුනාද?
7) නැත්තම් අර ලෝක ගේට්ටුව ලග හිටපු කස්ටම් එකේ අයට වැරදුනාද?
8) බර මනිද්දි බෑග් දෙක මාරු වුනාද?
9) මැනපු තරාදියේ අවුලක්ද?
10) නැත්තම් තරාදියේ use කරපු software එක හදද්දි, හදපු වුන් unit testing කලේ නැද්ද?

ඔන්න ඔය කිව්වෙ ඒ වෙලාවෙ මගෙ හිතට ආපු පුරස්නවලින් ටිකක් විතරයි.

ඔන්න ඔහොම මං ඉතින් අර කව් බෝයි මැරිච්ච අස්පය වගේ ඉස්සරහට ඇදෙනව.

ඔහොම යද්දි දැන් දිවකට ගිලෙන්න වතුර තිබහක් ආව.. කූල් එකක් ගහන්වනම් නියම වෙලාව
ඒත් ඉතින් මේ අපායෙ මොන කූල්ද... තියෙන්නෙ ලෝදියනෙ.
"වතුර එකක්වත් තිබ්බන්ම් කියල මට නිකමට කියවුනා"

කිරි අප්පට වදුරො පැනපිය කිව්ව..
මෙන්න වතුර බෝතලයක් අතේ!!!!
මං බැලුව යකෝ මං මේ හීනයක්ද දකින්නෙ කියල
හීනයක්නම් වතුර ගැහුවම ඇහෙරෙයිනෙ කියල පට ගාල ඒ බෝතලේම කඩල මූනට වතුර ටිකක් ඉහගත්ත
තාම වෙනසක් නෑ වතුර බෝතලේ ලේබල් එකේ ගහල තියෙනව
"තව්තිසා Mineral water " කියල
"Not for commercial use " කියලත් යටින් ගහලත් තිබ්බ.

දැන් මට සැකයි මම මේ අපායෙමද ඉන්නෙ කියල. වතුර ඕනෙ කියල හිතපු වෙලේම වතුර ආව.
ඒකෙ නමත් "තව්තිසා" මට දැන් මේ ශිද්දි එකෙන් එකට නිකන් සම්බන්දයි කියල වගේ තේරුනා.

ටිකක් ඉස්සර ගියා විතරයි නේද මෙන්න ගහල තියෙනව බෝඩ් එකක්..

දිව්‍යලෝක ජනපදයට සාදරෙන් පිලි ගනිමු!!..
තව යටින් දිවිය ලෝකෙ එක එක ලෝක වලට යන high ways ටිකේ නම් ගහල තිබ්බ ඊතලත් එක්ක

මට අම්මප පට්ට හැපි...මං දැන් ඉන්නෙ දිව්‍යලෝකෙ .
කොහොම හරි අර මැරයත් ගිහිල්ල තියෙන්නෙ දිව්‍යලෝකයෙට එතකොට.මැරයත් මොනව හරි ලොකු පිනක් කරල තිබිල තියෙනව

ඉක්මනට දිවිය ලෝකෙ ඉන්න තැනක් හොයා ගන්න ඕනෙ කියල මම තුසිත high way එක දිගේ ඉස්සරහට දුවනව.
දුවගෙන යනකොට වැදුන්නැතේ සලාම් ගහල විසිල් පාරක්.
බුවෙක් එනව අමුතු විදියෙ කිට් එකකුත් ගහල , acoustic coil earpiece එකකුත් කනට ඔබාගෙන හතිදාගෙන..

" දෙවියනේ!!! කොහෙද මේ යන්නෙ?"

මං ඉතින් ඇහුවා "ඇයි ඇයි කාට හරි කරදරයක්වත්ද කියල?

මෙයා කියනව ඊට පස්සෙ "දෙවියනේ දන්නෙ නැද්ද පාර වහල කියල?"

මලා ජෝං කිව්වලු. මිනිහ මේ මටයි දෙයියනේ ,දෙයියනේ කියල තියෙන්නේ

ඉතින් හරිනෙ දෙයියනේ මං දිව්‍යලෝකෙනෙ ඉන්නෙ. දැන් මාත් එතකොට දෙවියෙක් හෑ!

බැලින්නම් මේ කෙනා සක්‍රදේව ආරක්ෂක අංශයේ දේව ආරක්ෂකයෙක්
දැන් සක්‍රදෙවියන් මේ පාරෙ යන්න යන්න නියමිතලු, ඒ හිංද පාර වහලලු තියෙන්නෙ

"දෙවියනේ මට ඔබතුමාගේ දේව හැදුනුම්පත බලන්න පුලුවන්ද??"
මං ඉතින් කිව්ව මම දැන් තමා දිව්‍යලෝකයෙට පය ගැහුවෙ, තාම මට ඔය කියන විදියෙ එකක් නෑ කියල.
ඉට පස්සෙ මේ දේව ආරක්ෂකය කියනව "ඔය දෙවියො පුලුවන් තරම් ඉක්මනට දෙවියන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවට යන්න කියල.

දැන් මේ පාර දිගටම දේව ආරක්ෂකයො. අඩියෙන් අඩිය. ඒ එක්කම එහා පැත්තේ පාරෙන් මොනවද රථයක් විදුලි වේගෙන් ගියා.
හික් හික් බොලාලට කියන්න බොලොං .. සක්‍රදිවියො මාතලී එක්ක අනිත් පාරෙන් තනියමම ගිහිල්ල. ලංකාවෙ වගේම තමා...
දැන් ඉතින් දෙ.ලි.දෙ (දෙවියන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව) ට යන්නත් එපෑ.
අර ආරක්ෂකයගෙන් යන හැටිත් අහගෙන ඔන්න මම දෙවියො යන්න පිටත් වුනා.....