Sunday, January 30, 2011

සරදියල් දිව්‍යලෝකයෙ ගිය හැටි 2....

ඔන්න මේ කතාවෙ දෙවෙනි කොටස් කියන්නයි හදන්නෙ
පලමු කොටස කශ්ටිය දැන් දන්නව ඇතිනෙ?

...කහ පාට දුමත් එක්කම කලුවර වෙලා වගේ ගිය . ඊලග සැරේ ඇහරෙන කොට හිටියෙ නිකං බිංගයක් වගේ තැනක,
මට දැන් හිතාගන්න බෑ මොකද මට වුනේ කියල... ටිකක් වෙලා යද්දි මට තේරුනා මං දැන් මැරිල කියල... අයියෝ!!
කන්ද උඩට වෙලා හිටියනම් මේ මොනවත් වෙන්නෙ නෑනෙ. මදැයි කොලා... ඒ මදිවට ගියා කෝච්චි වලට අත වනන්න.
"යකෝ S10 එකක් කන ලග තියල හෝන් ගහනවට වැඩියෙ සැපයි.. ඒක මාව යටකරල දැම්මනම් "

දැන් ඉතින් වෙන කුමක් කරන්නද කියල මාත් හිමීට ඉස්සරහට ඇදුන ඕනෙ එකක් කියල..
ඇතින් පොඩි එලියක් පේන්න පටන් ගත්ත, ... මිනිස්සු කෑ ගහන සද්දෙකුත් ඇහනව....

ලංවෙලා බල්ද්දි තඩි පෝලිමක්.....
අර එයාර් ටෙල් පටං ගන්න කාලෙ , මිනිස්සු නිකං කතා කරන්න දෙනව වගේ කියල හිතල එයාර් ටෙල් සිම් ගන්න පෝලිමේ හිටියෙ?
අන්න ඒ වගේ ශීන් එකක්... යකෝ මං තාම මැරිල නැද්ද??
ඉන්නව අමුතු අමුතු ඩයල් පෝලිමේ. හැබැයි සේරම් වුන් ඉන්නෙ අප්සට් මූඩ් එකෙන්..
බැලින්නම් සේරම් මැරිච්ච ඩයල්. දැන් ඉතින් මම මැරිච්ච සීන් එක මට confirm. මාත් ඉතින් ශේප් එකේ, පෝලිමෙ කොනකට සැට් වුනා.

එක එක ඩයල් ඉන්නව පෝලිමෙ. ඡන්දෙට වැඩ කරල මැරිච් ඩයල්,සිය දිවි නසා ගත්ත ඩයල්,
ඔන්න ඔහොම නානාප්‍රකාර විදියල මැරිච්ච අය.
මට ඉස්සර හිටියෙ පොඩ්ඩක් අමුතු විදියෙ ඩයල් එකක්
මිනිහ මගෙන් අහනව "අයියට මක්කැයි වුනේ කියල ?"
අහපු විදියටම මම හිතා ගත්ත බුවා කොහෙ ඩයල් එකක්ද කියල.. මම ඉතින් මුල සිට සරලව කිව්වෙ විස්තරේ

මං හිමීට් ඇහුව "මල්ලිට ඉතින් මොකද වුනේ කියල" බැලින්නම් මිනිහ පොලීසියට හංගපු ආයුධ පෙන්වන්න ගිහිල්ල මහ රෑ, එතෙන්දි මැරිච්ච ඩයල් එකක්..

"මං බෑම කිව්ව අයියා,. මම කිව්ව මම ගාව හංගපු ආයුධ තියා කං හැන්දක්වත් නෑ. මාව හිරේ දාන්න කියල.... බෑ කියද්දිම මහ රෑ මාව ඇදන් ගිහිල්ල,
අත්බෝම්බයක් දීල දැන් මේකෙන් අපිට ගහල පැනල දුවපන් කිව්ව අයියා "

මං කිව්ව ඔව්ව ගන්න එපා මල්ලි දැන්වත් හොද විදියට ඉන්න බලපන් කියල!!
ඔන්න ඉතින් දැන් පොඩ්ඩ පොඩ්ඩ යන කොට පෝලිමෙ මුල පේනව.

මෙතන ඉන්නව යකෝ අර කස්ට්ම් එකේ වගේ ඩයල් ටිකක්
ඒ වගේම තොප්පි දාගත්ත ශැට් එකක්. එතනින් පොලිම දෙකට බෙදෙනව. බුවාල මොන මොනවදෝ කරල බලල පොලිමේ එන වුන් දෙකට බෙදල දෙපැත්තට තල්ලු කරනව.
මාත් දැන් රත් වෙලා ඉන්නෙ, දැන් ඔන්න මට ඉසසරහ හිටපු, අර මං කලින් කියපු ඩයල් එක ගියා... ගියාම අර කශ්ටම එකේ බුවෙක් අහනව

" කෝ බෑග් දෙක කියල?"

අරූ කියනව" මොන බෑග් දෙකද කියල!!"

"බෑග් දෙක කිව්වෙ උබ ඔය කරේ එල්ලන් ඉන්න බෑග් දෙක කියල." අරුගේ කරෙන් බෑග් දෙකක් ඇදල ගන්නව.

ඒ බෑග් දෙක හරි අමුතු බෑග් දෙකක්. අර කාලයක් ඉස්කෝලෙ යන කොල්ලො අරන් ගිය වවුල බෑග් මතකද?
එන්න ඒ වගේ බෑග් දෙකක්. එකට ලනුවකින් වගේ දෙයකින් සම්බන්ද වෙලා තියෙන්නෙ.
ඉතින් ඒක කරට දැම්මම එක බෑග් එකක් ඉස්සර, අනික පිටිපස්සෙ...

"හැම මිනිහම ජීවත්ව ඉන්න කාලෙ ඔය බෑග දෙක එල්ලන් ඉන්නෙ, ඕකෙ ඇගින් ඉස්සරහ තියෙන බෑග් එකට යන්නෙ
මිනිස්සු කරන පිං, පස්සෙ එකට යන්නෙ මිනිස්සු කරන පවු. තමුසෙලට ඉස්සරහ තියෙන එකේ Size එකනම් හැමවෙලාවෙම පේනව,
පිටි පස්සෙ තියෙනෙ එක කොච්ච්ර ලොකුද කියල දන්නෙ අපි ගැලවල මෙතෙන්දි මනිද්දි තමා "

කියල එතන හිටපු ලොකු කස්ටම් බුවෙක් කියනව ඔය අතරෙ අනිත් බුවලා බෑග් දෙකේ බර මැනල

"තමුසෙ මෙහාට කියල අර බුවාව එක පැත්තකට තල්ලු කරනව..

මම දැන ගත්ත ඕක, ඔය ගියේ අපායට තමයි කියල.. දැන් මූ මගෙත් බෑක් එක ඇදල ගන්නව. යකෝ බෑක් දෙකම එකම සයිස් වගේනෙ.
මම බෑග් දෙක අරුන් මනින්න Digital තරාදියට දාන කොටයි දැක්කෙ, මගෙ පස්සෙ තිබ්බෙ එකේ සයිස් එක.
ඊට පස්සෙ මොනවද කරල ,අරූ කියනව....

"තමුසෙත් මෙහාටම තම්යි ඕයි " කියල අර මැරය ගිය ලයින් එකටම මාව තල්ලු කරා

අම්ම ගහයි ටින් එකෙන් කිව්වලු... එතකොට යකෝ මමත් අපායෙමද??

සරදියල් දිව්‍යලෝකයෙ ගිය හැටි 1....

දැන් මේකෙ tittle දැක්කෙ ගමන් හිතනව ඇති නේද මුට අමු කැවිලද කියල... හේ හේ

"නෑ යකෝ ඇත්තටම දිව්‍යලෝක ගියා තමා ඇයි උබට සැකද? "...

"මොකක්??? අලියෙක්ගෙ නැට්ටෙ එල්ලිද ගියේ?. නෑ උබේ....
පොඩ්ඩක් පනින්නෙ නැතුව හිටපන්කෝ දෙයියනේ.. වැරදුනා ,මචං මුල ඉදල කියනකං "
මට බ්ලොග් එක ලියන්න බැරි වුනෙත් ඔය ශීන් එක හිංද තමයි


...මේ සේරම පටන් ගත්තෙ මම උතුවම් කන්දෙන් බැහල කොලොම්තොට පැත්‍තට එන්න තීර්නය කොරපු දවසෙ.
මටත් කන්ද උඩට වේලා හිටිය ජීවිතේ එපා වුනා. ඔන්න ඔහෙ ඕන දෙයක් වෙන්න කියල මම මගෙ ගමන පටන් ගත්ත කොලොංතොටට... ඔහොම කන්දෙන බැහල ආව කඩුගන්නාව ස්ටේසොමට කොලොඹට යන රේල්ලුවල් අල්ල ගන්න කියල. ඔන්න ටිකක් වෙලා ඇන තියන් යද්දි ආව රේල්ලුව.

හපෙ හප්පෝ.. ඒකෙ ඉන්න සෙනග කන්දරාව.. එතන නගින්න හිටියෙ කොලු ගැටයෙක් කියනව "ඇගිල්ලක් ගහන්නවත් ඉඩ නෑනෙ" කියල. මට ඒ කතාවට මල පැන්න මං කිව්වෙ නැද්ද

"උබට සනීප නැද්ද කොලුවො?? මම මේකට නගින හැටි කංපනා කරනව.. උබ මේ නැගල ඇගිලි ගහන්නෙ කොහොමද කියල අහනව?? උබලවගේ වුං හිංද තමයි මේ අංහිසක පිරිමින්ටත් මේ ගෑනු කුඩවලින් ගහන්නෙ කියල"
කොල්ල මොකක් හරි තව කියන්න හැදුවත්,ඌට ඒක කියාගන්න බැරි ,උනා මං ටෝක් එක Issue කරපු වේගෙට. හොද වැඩේ ඕකට..

මාත් ඉතින් කොහොම හරි සරමත් කැහපොට ගහගෙන, ගල්කටස් එකත් කිහිල්ලෙ ගහගෙන එල්ලුනා පුට් බෝඩ් එකේද මොකේද කියන එකේ.... ඔන්න ඉතින් කෝච්චිය යනව, මමත් මේ සේරම ලට්ට ලොට්ට එල්ලගෙන අර මොකද්ද බෝඩ් එකේ එල්ලීගෙන යනව.. මම තමයි යටම ඉන්නෙ.අනිත් උන් සේරම උඩ. ඔන්න ඔහොම ගිහිල්ල
පොල්ගහවෙල ස්ටේසම පහු කලා.. දැන් කෝච්චිය එකශිය ගානට යනව.

මට ඈතින් අනිත් පීල්ලෙන් මොකක්ද එකක් එනව වගේ පේනව.. තව ටිකක් බලං ඉද්දි තමා තේරුනෙ මේ අර චීනෙං අලුතෙන් ගෙනාපු S10 පවර් සැට් එකක්නෙ ඉන්නෙ කියල. මටත් හරි හැපි ඉතින්.. කවද දැකපු S10 ද?
කෝච්චිය මාව දැන් පහු කරල යන්න ඕන්න මෙන්න. මාට ඉතින් ආසාවෙ බැරිකමටම S10 රේල්ලුවෙ ඩයිවර් ..සොරි පයිලට් උන්නැහට අත වැනුව.. ඒක දැකපු මේ යකා ගැහුවෙ නැදද පරාආආආං ගහල හෝන් එක...
බුදු අම්මෝ සුද්දංගෙ කාලතුවක්කු හොදයි බොල...ඒ ගහපු සද්දෙට මගෙ ඇගම, හිරිවැටිලි Stuck වුනා..
අතවනපු හිංද තනි අතෙන් නෙ හිටියෙ, ඒ හිංද දන්නෙම නැතුව මට අත ඇරුන. සේරම ලට්ට පට්ට එක්ක බුවා කොච්ච්චියෙන් වැටුනා... අහෝ.

එක පාරට මුලු Screen එකම, සොරි මං කිව්වෙ ඇස් දෙකම නිල් පාට වුනා... ඒ එක්කම කහ පාට දුමක් ආව...


---

දෙවෙනි කොටස ඉතා ඉක්මනින් බලාපොරොත්තු වෙන්න.