Sunday, May 3, 2009

සතියක් ඇතුලත Duplicate සරදියල්ලා බිහිවීම සහ බ්ලොග් ලිපි හොරු

සුදාරක මල්ලිගේ බ්ලොග් අඩවියේ සදහන් වී තිබු "සස්රුත - සත්‍යයේ රූපතාව" ලිපිය මාද කියවා මමද එම සෙවුම් යන්ත්‍රයෙ සරදියෙල් යන්න යොද සෙවීමක්ට ලක් කලෙමි.

එවිට මගේ බ්ලොග් 1 ට අමතරව මා ලියූ මගේ ලිපියක් තව බ්ලොග් 2 තිබෙනවා මට දැකගතහැකිවිය තවම සතියක් පමන වයසැති මගේ බ්ලොග් අඩවියේ title 1පවා ඔවුන්
යොද ගෙන තිබිනි. තව දුරටත් සෙවීමෙදී ඩනිෂ්කගේ ලිපි කිහිපයක් හා බෝ ගේ ලිපියක කොටසක් දැක ගන්නට හැකිවිය. කිසිම නිර්මාණශිලී හැකියවක් නොමැති, ගහැණු හෝ පිරිමි එක වර්ගයක්ටවත් අයත් නොවන මොවුන්ගේ අරමුණ වී තිබෙන්නේ අනුන්ගේ ලිපි හොරකම් කොට එම ලිපි එම හොරුන්ගේ බ්ලොග් අඩවි වල සදහන් කොට google adsence මගින් මුදල් සෙවීමයි. කිසිම තාක්ෂනික දැනුමක් නොමැති මෙම ඔලමොට්ටලයන් google adsence සදහා Sinhala Unicode සහිත බ්ලොග් යොද ගත නොහැකි බව පවා නොදන්නේය. එය ඔවුන් දැන ගනු ලබන්නේ තව නොබෝ දිනකින් එම හොරුන්ගේ google adsenc Accounts තහනම් වූ විටය..

මෙම ලිපි වල කතුවරුන් මෙම ලිපි හොරකම් කිරිමට අදලව Copyright Content යටතේ යම් කිසි පියවරක් ගනු ඇතයි මම බලොපොරොත්තුවෙමි.

මෙන්න එහම් හොර බ්ලොග් අඩවි වල ලිපින..
http://tagosakanto.blogspot.com/
http://saradiyallearn.blogspot.com/2009/04/blog-post.html

මම මෙම ලිපින සදහන් කරන්නේ දැනගැනීම සදහා පමනි. මෙම අඩවි වලට නිතර ගොස් ඔවුන්ගේ Traffic වැඩි නොකරන මෙන් ඉල්ලා සිටිමි.

අනෙක අයද http://www.sasrutha.com අඩවියට ගොස් ඔබගේ ලිපිද සොරුන් විසින් පාවිච්චි කරනවදැයි සොයාබලන්න
සිංහල බ්ලොග් කියවනය සදහා මෙම ලිපින අතුලත් කර නොගන්නාක් ලෙස ඇඩ්මින් වරුන්ගෙන් ඉල්ලා සිටිමි