Saturday, June 13, 2009

සරදියල් අයියා මේ දවස්වල......

ඔන්න ඉතින් සරදියල් අයියට සෑහෙන කාලෙකට පස්සෙ. පොඩි නිවාඩුවක් හම්බවුනා. ඒ කාලේ වගේමයි කලියුගයෙ ආපහු ඉපදුන සරදියල්ට ඉස්සර වාගෙම වැඩ ගොඩයි.මොනව කොරන්නද ඒ කාලෙ වගේ කැලේකට පැනල ගල්කටස් 1 අරන් කැරලි ගහන්න බෑනේ අදකාලේ. ඒ හින්ද සරදියල් මේ දවස්වල පොඩි ජොබ් 1 කොරනවා. ඒ කාලෙ වගේම අදත් හොන්ද මිනිසුන් ඉන්නවා වගේම , ඒ කාලෙ වගේම නරක මිනිසුනුත් අදකාලේ ජීවත්වෙන්වා. සරදියලුත් ඔයහැමෝම එක්ක දැන් ජීවත් වෙන්වා.

සරදියල් අයියා කොරන්නේ කොම්පියුටොර් පැත්තෙ ජොබ් කට්ටක්. හැබෑටොම බොලන්ලා මේ අද කලේ තියෙන කොම්පියුටොර් ගැජෙට් 1 මරු. සරදියලුත් ඉතින් ඕක ඔබලා ඔබලා පොඩ්ඩක් ඔය ගැන ඉගෙන ගත්තා. ටික කාලයක් යද්දි සරදියල්ට මේ ජොබ් කට්ට සෙට් වුනා. අනිත් උන් මේකට සොෆ්ට්වෙයර් ඩිවොලොපින්ග් කියල කියනවා, ඇහිලා තියෙන්වා. අනේ මන්දා... පරසුද්දට බැන්නට මොකද සරදියල් මේ දවස්වල වැඩ කොරන්නෙත් සුද්දන්ගේ කොම්පැනි 1 ක.
හබැයි සරදියල් මොන දේ කොලත් ඉස්සර වගෙම මිනිස්සුන්ට උදව්කොරන එක අතඇරල නෑ බලාගෙන හිටපල්ලාකො.. හිකි..

සමහර දේවල් වෙනස් නොවූනාට මොකද. හුගක් දේවල්නම් එහෙම්පිටින්ම වෙන්ස්. කන විදිය අදිනපලදින විදිය. ජීවත්වෙන විදිය. ඔය හැම එකක්ම...උදාහරනයක් ගත්තොත් එදා රෙද්දයි හැට්ටෙයි ඇදලා හිටපු මගෙ මේ.. මේ මේ.. අර. නගායි අද කාලේ ඉන්න මිස් නගායි අතර සැහෙන්න වෙනසක් තියෙන්වා නොවැ. මේ ලගදි මගේ (මිස්) නගාගේ කන්නාඩි මේසේ උඩ තියෙන අඩුම පුඩුම ටික දැකල මම බයවුනේ හීන්දාඩියත් දාගෙන.. හිකි හිකි... මොනව කොරන්නද කාලේ වෙනස්නේ...

අද කාලෙ මිනිස්සුත් ටිකක් මැශින් වගේ වෙලා කියල සරදියල්ට එක වෙලාවකට හිතෙන්වා.ඒ දවස්වලනම් මිනිස්සු අරගල ඇතිකරගත්තේ කතාකොරල විසන්දගන්න බැරි උනාම. ඒ කට දැන් කාලේ. මුන් වලියෙන්මනේ පටන් ගන්නේ. ඉතින් තව මොනවද.....????. ලියන්න කියල ගොඩාක දේවල් හිතාගෙන හිටියට අමරුවෙන නිවාඩුවක් ලැබිලා ලියන්න පටන් ගත්තම මොකුත් කල්පනාවෙනේ නෑ. එහෙනම් බොලන්ලා .... හිතෙන දෙයක් කොටලා පලයල්ලාකො... නිවාඩුවාක් ආපු ගමන් මොනවා හරි ආයේත් කොටන්නම්...
ඔන්න පුතෝ අපි ගියා