Wednesday, November 25, 2009

ඔන්න මමත් දැම්මනේ Sub Title

ආ ලමයි.. කොහොමද?? කාලෙකින් පෝස්ට් එකක් දාන්නත් බැරිඋනා. මටත් ඉතින් ලෝකෙ නැති වැඩයි ලෝකෙ නැති බාල්දියි නිතරම පෙරෙලෙනවානේ :P.
කොහොම කොහොම හරි ඔහොම ඉන්නකොට යම් කිසි හේතුවක් නිසා මටත් පොඩි නිවාඩුවක් සැට් උනා. (පොඩිම කිව්වට පොඩිමත් නෑ ;) ඔන්න ඉතින් ඔහොම ඉන්න කොට අපේ රොයිලි බුවා පොඩි යෝජනාවක් කලා(හරි.. හරි... බොරු මොකටද මමයි යෝජනාව කලේ :P ) යෝජනාව තමා ෆිලිමකට සබක් දාමු කියන එක.

බුවා එකා පයින් කැමති උනා. අපි තෝර ගත්ත ෆිලිම තමා Body Of Lies කියන ෆිලිම.

දැන් හැමෝම දන්නවනේ බයිස්කෝප් සයිට් එකෙන් සබ් එක්ක ෆිලිමවල් දෙනවා කියලා

ඊට පස්සෙ බුවා මට පොඩි ටැකනිකොල් උපදෙස් ටිකක් දුන්න මේ වැඩේට ඕන කරන. මට මුල ඉදන් පටන් ගන්න කියල බුවා අග ඉදන් පටන් ගන්නම් කිව්වා. ඉතින් ඔහොම ඔහොම කොරගෙන ගියා. අපි සතියෙන් විතර වැඩේ ඉවර කෙරුවා. මට ඒ කරපු පොඩ්ඩට තේරුන මේ සබ් කෙරුවාව කොච්ච්ර අමාරුද කියල. එහෙම බල්ද්දි අපේ රොයිලි ගොයියා යකඩයෙක් නොවෑ. තනියෙන් මෙච්ච්ර කල් අපිට සබ් දීපු එක.

ආ අමතක උනානේ අපේ සුදාරක මලයත් මට ලොකු සපක් දුන්න වචන වල හරි ව්‍යාකරණ හදල දීල( ඒකත් ලිව්ව හරිද මන්ද)

ෆිලිම බලන්න මෙන්න මෙතන කොටන්න

කට්ටියම ෆිලිම බලලා හිතන දෙකුත් කොටල යන්නකො.

එහෙනම්..............

Sunday, October 4, 2009

ගැහැණිය තුල තිබෙන ශක්තියට පිරිමයෙකුට අභියෝග කල හැකිද??

මට මේ ලිපිය ව්ද්යුත් තෑපැලෙන් ලැබුනු එකක්. ඉතා අහනා ලිපියක් නිසා බ්ලොග් 1 දාන්න හිතුනා. කතුවරයා කවුද කියන්න හරියටම දන්නේ නැතිමුත් "තරුණයා" නමින් එහි සදහන්ව තිබුනා. මේක PNG අකාරයට තිබෙන ලිපියක්. කට්ටිය අමරුවෙන් හරි බලන්න. බැලුවට පාඩු වෙන්නේ නෑ. විශේෂයෙන් කාන්තා පාර්ශවය බැලියයුතුම ලිපියක්

(මෙහි පින්තුර 2 ඇත විශාල කිරීම් සදහා පින්තූරය 2 මත ක්ලික් ක‍රන්න)



























Download pics from here
http://img44.imageshack.us/img44/682/att110347.gif
http://img195.imageshack.us/img195/986/att110348.gif

Monday, August 17, 2009

කැඩි බිදීගෙන යන පුවත්(Breaking News)

සරදියල් අයියා පර සුද්දනගෙන් මිදී පලා ගොස් ඇතිබව විශ්වාස කටයුතු ආරන්චි මාර්ගයක් වර්තාකරයි. මෑත කාලයේදි කිසිම තොරතුරක් නැතිව අතුරුදන් වී සිටි සරදියල්,සුද්දනගේ යම්කිසි දෙයකට සිරවී සිටි බව ඔවුන් තවදුරටත් වාර්තා කරයි. නුදුරු අනාගත්යේදීම සරදියල් අයියාගෙන් යම්කිසි දෙයක් බලාපොරොත්තු විය හැකිබව ජනතාවගේ අදහසයි.
මේ අතර මෙම පලායෑමට පොතේගුරා නැමති රවුටර් කෙලවන්නාගේ සහයක් ලැබීඇති බව නිළ නොවන ආරන්චි මාර්ග සදහන් කරයි

වැඩි විස්තර බලාපොරොත්තුවෙන්න......

Saturday, June 13, 2009

සරදියල් අයියා මේ දවස්වල......

ඔන්න ඉතින් සරදියල් අයියට සෑහෙන කාලෙකට පස්සෙ. පොඩි නිවාඩුවක් හම්බවුනා. ඒ කාලේ වගේමයි කලියුගයෙ ආපහු ඉපදුන සරදියල්ට ඉස්සර වාගෙම වැඩ ගොඩයි.මොනව කොරන්නද ඒ කාලෙ වගේ කැලේකට පැනල ගල්කටස් 1 අරන් කැරලි ගහන්න බෑනේ අදකාලේ. ඒ හින්ද සරදියල් මේ දවස්වල පොඩි ජොබ් 1 කොරනවා. ඒ කාලෙ වගේම අදත් හොන්ද මිනිසුන් ඉන්නවා වගේම , ඒ කාලෙ වගේම නරක මිනිසුනුත් අදකාලේ ජීවත්වෙන්වා. සරදියලුත් ඔයහැමෝම එක්ක දැන් ජීවත් වෙන්වා.

සරදියල් අයියා කොරන්නේ කොම්පියුටොර් පැත්තෙ ජොබ් කට්ටක්. හැබෑටොම බොලන්ලා මේ අද කලේ තියෙන කොම්පියුටොර් ගැජෙට් 1 මරු. සරදියලුත් ඉතින් ඕක ඔබලා ඔබලා පොඩ්ඩක් ඔය ගැන ඉගෙන ගත්තා. ටික කාලයක් යද්දි සරදියල්ට මේ ජොබ් කට්ට සෙට් වුනා. අනිත් උන් මේකට සොෆ්ට්වෙයර් ඩිවොලොපින්ග් කියල කියනවා, ඇහිලා තියෙන්වා. අනේ මන්දා... පරසුද්දට බැන්නට මොකද සරදියල් මේ දවස්වල වැඩ කොරන්නෙත් සුද්දන්ගේ කොම්පැනි 1 ක.
හබැයි සරදියල් මොන දේ කොලත් ඉස්සර වගෙම මිනිස්සුන්ට උදව්කොරන එක අතඇරල නෑ බලාගෙන හිටපල්ලාකො.. හිකි..

සමහර දේවල් වෙනස් නොවූනාට මොකද. හුගක් දේවල්නම් එහෙම්පිටින්ම වෙන්ස්. කන විදිය අදිනපලදින විදිය. ජීවත්වෙන විදිය. ඔය හැම එකක්ම...උදාහරනයක් ගත්තොත් එදා රෙද්දයි හැට්ටෙයි ඇදලා හිටපු මගෙ මේ.. මේ මේ.. අර. නගායි අද කාලේ ඉන්න මිස් නගායි අතර සැහෙන්න වෙනසක් තියෙන්වා නොවැ. මේ ලගදි මගේ (මිස්) නගාගේ කන්නාඩි මේසේ උඩ තියෙන අඩුම පුඩුම ටික දැකල මම බයවුනේ හීන්දාඩියත් දාගෙන.. හිකි හිකි... මොනව කොරන්නද කාලේ වෙනස්නේ...

අද කාලෙ මිනිස්සුත් ටිකක් මැශින් වගේ වෙලා කියල සරදියල්ට එක වෙලාවකට හිතෙන්වා.ඒ දවස්වලනම් මිනිස්සු අරගල ඇතිකරගත්තේ කතාකොරල විසන්දගන්න බැරි උනාම. ඒ කට දැන් කාලේ. මුන් වලියෙන්මනේ පටන් ගන්නේ. ඉතින් තව මොනවද.....????. ලියන්න කියල ගොඩාක දේවල් හිතාගෙන හිටියට අමරුවෙන නිවාඩුවක් ලැබිලා ලියන්න පටන් ගත්තම මොකුත් කල්පනාවෙනේ නෑ. එහෙනම් බොලන්ලා .... හිතෙන දෙයක් කොටලා පලයල්ලාකො... නිවාඩුවාක් ආපු ගමන් මොනවා හරි ආයේත් කොටන්නම්...
ඔන්න පුතෝ අපි ගියා

Sunday, May 3, 2009

සතියක් ඇතුලත Duplicate සරදියල්ලා බිහිවීම සහ බ්ලොග් ලිපි හොරු

සුදාරක මල්ලිගේ බ්ලොග් අඩවියේ සදහන් වී තිබු "සස්රුත - සත්‍යයේ රූපතාව" ලිපිය මාද කියවා මමද එම සෙවුම් යන්ත්‍රයෙ සරදියෙල් යන්න යොද සෙවීමක්ට ලක් කලෙමි.

එවිට මගේ බ්ලොග් 1 ට අමතරව මා ලියූ මගේ ලිපියක් තව බ්ලොග් 2 තිබෙනවා මට දැකගතහැකිවිය තවම සතියක් පමන වයසැති මගේ බ්ලොග් අඩවියේ title 1පවා ඔවුන්
යොද ගෙන තිබිනි. තව දුරටත් සෙවීමෙදී ඩනිෂ්කගේ ලිපි කිහිපයක් හා බෝ ගේ ලිපියක කොටසක් දැක ගන්නට හැකිවිය. කිසිම නිර්මාණශිලී හැකියවක් නොමැති, ගහැණු හෝ පිරිමි එක වර්ගයක්ටවත් අයත් නොවන මොවුන්ගේ අරමුණ වී තිබෙන්නේ අනුන්ගේ ලිපි හොරකම් කොට එම ලිපි එම හොරුන්ගේ බ්ලොග් අඩවි වල සදහන් කොට google adsence මගින් මුදල් සෙවීමයි. කිසිම තාක්ෂනික දැනුමක් නොමැති මෙම ඔලමොට්ටලයන් google adsence සදහා Sinhala Unicode සහිත බ්ලොග් යොද ගත නොහැකි බව පවා නොදන්නේය. එය ඔවුන් දැන ගනු ලබන්නේ තව නොබෝ දිනකින් එම හොරුන්ගේ google adsenc Accounts තහනම් වූ විටය..

මෙම ලිපි වල කතුවරුන් මෙම ලිපි හොරකම් කිරිමට අදලව Copyright Content යටතේ යම් කිසි පියවරක් ගනු ඇතයි මම බලොපොරොත්තුවෙමි.

මෙන්න එහම් හොර බ්ලොග් අඩවි වල ලිපින..
http://tagosakanto.blogspot.com/
http://saradiyallearn.blogspot.com/2009/04/blog-post.html

මම මෙම ලිපින සදහන් කරන්නේ දැනගැනීම සදහා පමනි. මෙම අඩවි වලට නිතර ගොස් ඔවුන්ගේ Traffic වැඩි නොකරන මෙන් ඉල්ලා සිටිමි.

අනෙක අයද http://www.sasrutha.com අඩවියට ගොස් ඔබගේ ලිපිද සොරුන් විසින් පාවිච්චි කරනවදැයි සොයාබලන්න
සිංහල බ්ලොග් කියවනය සදහා මෙම ලිපින අතුලත් කර නොගන්නාක් ලෙස ඇඩ්මින් වරුන්ගෙන් ඉල්ලා සිටිමි

Saturday, April 25, 2009

සරදියල්ගේ පලමු ලිපිය..

ඔන්න ඉතින් සරදියල් අයිය්යත් සිංහල බ්ලොග් 1 පටන් ගන්න හිතුවා.මේක හුගක් කල් සිටන් තිබූ අදහසක්.වැඩ වැඩිහින්ද කාලයක් තිබ්බෙම නෑ. තාම මේ පර සුද්දන්ගේ කරදරේනේ..මේක සම්ප්‍රදායිය බ්ලොග් 1 වෙන එකක් නෑ. ටිකක් වෙනස් 1 වෙයි. ඔයගොල්ලන්ට එක ඉදිරියෙදි දැකගන්න ලැබෙයි. මම සිංහල බ්ලොග් වල්ටනම් ටිකක් අලුත්.....හරි අමරුවෙන් උතුවම් කන්දට ලැප් ටොප් එකක් ගත්තේ. ඒ නිසා මගෙන් වැරදීමක් උනොත් මාව නිවැරිදි කරන්න.. ඔයගොල්ලන්ගේ සහයෝගය මම බලාපොරොත්තු වෙනවා. ඔයාලට මාව මෙම ලිපිනයෙන් සම්බන්ද කරගන්න පුලුවන්...
saradiyalayya@gmail.com