Saturday, February 20, 2010

හෝව් ...හෝව්.... සරදියෙල් අයියා Here

කොහොමද ලමයි ඉතින්...

ඔන්න මාවත් එලවන්ට කලින් පෝස්ට් එකක් දාන්ටයි කියල තමා තනන්නේ :D
අයියෝ අහිතක් හිනතන්ට එපා මේ මාස තුනේ සීමාව පිරෙන්ට පොඩ්ඩකට කලින් මොකක් හරි කුනුහරුපයක් දාල ආයෙ මකබෑවෙනවා කියල :P (මූ කොහොමද පොර ටෝක් දීගෙන ආවෙ මුලින්ම ?මේ බ්ලොග් එක වෙනස්ම එකක් වෙයි කියල. කිරි ආච්චිගෙ රෙද්ද තමා වෙනස :D)

මට නම් තාම මම බ්ලොග්කරුවෙක් කියල කටක් ඇරල කියන්ඩ බෑ. මොකද දැන් මේක පටන් අරගෙන අවුරුද්දකටත් කිට්ටු වේගෙන එනවා. තාම එක අතක ඇගිලි ගානටවත් ලිපි ලියල නෑ:P ලිපි නොලියවෙන්ට සාධාරණ වගේම පට්ට අසාධාරන හේතුත් තිබ්බා:P

දැන් සෑහෙන්න කාලෙක ඉදල ටිකක් බරපතල මාතෘකාවක සම්බන්ධයෙන් ටිකක් තඩි පොස්ට් එකක් ලියාගෙන මේක අස්සෙ Draft කොරගෙන ඉන්නවා(අම්බෝ නෑ.... ඇන්ගලන්තෙ රජකොරන අපෙ කිරි ආච්චි පල්ලා දේශපාලනය ගැනනම් නෙමේ ඒ :D) ඒ ලිපිය බරපතල වැඩි හින්දද මංද ඒක ෆයිනලයිස් කොරල දාන්ඩ හිත දෙන්නෙම නෑ අයියො:P

පහුගිය කාලෙ ජීවිතේ ගැන කිව්වොත්...(හ්ම්ම් කියලත් බෑ.. නොකිව්වොත් ලියන්ඩ දේකුත් නෑ :P)
ජීවත් වෙන රටාව ඉදන් හැම දෙයක්ම ටිකක් වෙනස් වුන කාලයක්. ඔක්කම වෙන්නේ හොදටයි කියල ඉතින් මාත් වැඩ ටික කොරගෙන ගියා. ඒ ටිකේ පොඩි ලොකු වැඩකට අත ගැහුවා. වැලන්ටයින් ඩේ එකේම නමෝ විත්තියෙන් වැඩේ ඉවර කොරල ලොකු ගානකුත් කුඩුකරගෙන අතපිහ ගත්තා (නෑ නෑ අයියො.. ඔය හිතන විදියෙ දෙයක් නෙමේ .. දන්නෝ දනිති ;) )

හ්ම්ම් ඊට අමතරව අපේ රොයිලි බුවා නොහොත් Subtitle Guru එක්ක අපේ බයිස්කෝප් සයිට් එකට Subtitle ටිකක් කොලා..(ඔන්න ඒව්ව දැන් පිටකොටුවෙ ගජරාමෙට විකිනෙනවලු) හ්ම්ම් තව අපේ Antrax සහෝදරයට දේකේ දෙකේ ලොකු කොස් පොල්ලක් තිබ්බා බුවාගෙ hacker.lk වල Developing වැඩ වලට උදව් වෙනව කියල... තව ගිය මාසෙ අග ඉවරවෙච්ච විහිලු වැඩසටහන් ටික බැලුව.(Season 2 අවුරුදු ලංවෙලා තියෙනවලු) හ්ම්ම්ම්ම්ම්... තව මාත් එක්ක හැම වෙලාවෙම මගෙ අමුඩ ලේන්සුව වගේ ඉන්න(ඕක මට පැදුරුකඩමල්ල කිව්වා ඒකයි :D) යෝගියා බ්ලොග් කෙරුවාව පටන් ගත්තා.. ඊට අමතරව මට කවදාත් මදි නොකියන්ඩ දෛනිකව පෙරෙලෙන බාල්දි ටික පෙරලුනා:P

ඔන්න ඔහොමලු වුනා කියන්නේ.. අදත් හිතේ හැටියට ලියවුනේ නෑ අයියෝ :( මේක පටන් ගද්දි මට තිබ්බ මූලිකම අරමුනක් තමා තාක්ෂනික දේවල් ගැන ලියන්ඩ. ඒත් මේ දැන් තාක්ෂණික බ්ලොගුත් වැහි වැහලනේ:P කොලුව මේ ටිකේ එකතරා තාක්ෂණයක වීශේෂ පැත්තක් ගැන වැඩි දුර ඉගෙනගනිමින් සිටිනවා. හැබැයි ඒ පැත්ත ලංකාවටනම් ටිකක් අලුත්. පුලුවන් වුනොත් ඉදිරියෙදි එම විෂය ගැන සිංහලෙන් ලිපි ටිකක් ලියනවා.

මීට අමතරව හිතේ හැටියට බ්ලොග් ලියවෙන්නෙ නැති ප්‍රධාන හෙතුම තමා මේ කොලුවගෙ යටිහිතේ තියෙන දේවල් එලියට දෙන්න තාමත් තියෙන අකමැත්ත. එහෙම නැත්තම් කණ පැලෙන්ඩ ලියන්ඩ දේවල් තියෙනවා.
කොහොම හරි හිත් දෙකම Negotiate කොර ගන්ට දැඩි උත්සහයක් දරන්නම්.
එහෙනම් ලගදීම හමු වෙනකම්..

කට්ටියටම ජයවේවා

අමාරුවෙන් කියෙව්වට බොහොම තුති... මං දන්නවා දැන් මට හිතෙන් බැන බැන ඇති කියල
ඇයි හිතේ තදකොරගෙන ඉන්නෙ.. ඔන්න ඔතන පහල ඇති Comment කියල කෑල්ලක් ඕක ක්ලික් කොරල හිතේ තියෙන තරහ නිමාගෙනම යන්ටෝ.................