Sunday, January 30, 2011

සරදියල් දිව්‍යලෝකයෙ ගිය හැටි 2....

ඔන්න මේ කතාවෙ දෙවෙනි කොටස් කියන්නයි හදන්නෙ
පලමු කොටස කශ්ටිය දැන් දන්නව ඇතිනෙ?

...කහ පාට දුමත් එක්කම කලුවර වෙලා වගේ ගිය . ඊලග සැරේ ඇහරෙන කොට හිටියෙ නිකං බිංගයක් වගේ තැනක,
මට දැන් හිතාගන්න බෑ මොකද මට වුනේ කියල... ටිකක් වෙලා යද්දි මට තේරුනා මං දැන් මැරිල කියල... අයියෝ!!
කන්ද උඩට වෙලා හිටියනම් මේ මොනවත් වෙන්නෙ නෑනෙ. මදැයි කොලා... ඒ මදිවට ගියා කෝච්චි වලට අත වනන්න.
"යකෝ S10 එකක් කන ලග තියල හෝන් ගහනවට වැඩියෙ සැපයි.. ඒක මාව යටකරල දැම්මනම් "

දැන් ඉතින් වෙන කුමක් කරන්නද කියල මාත් හිමීට ඉස්සරහට ඇදුන ඕනෙ එකක් කියල..
ඇතින් පොඩි එලියක් පේන්න පටන් ගත්ත, ... මිනිස්සු කෑ ගහන සද්දෙකුත් ඇහනව....

ලංවෙලා බල්ද්දි තඩි පෝලිමක්.....
අර එයාර් ටෙල් පටං ගන්න කාලෙ , මිනිස්සු නිකං කතා කරන්න දෙනව වගේ කියල හිතල එයාර් ටෙල් සිම් ගන්න පෝලිමේ හිටියෙ?
අන්න ඒ වගේ ශීන් එකක්... යකෝ මං තාම මැරිල නැද්ද??
ඉන්නව අමුතු අමුතු ඩයල් පෝලිමේ. හැබැයි සේරම් වුන් ඉන්නෙ අප්සට් මූඩ් එකෙන්..
බැලින්නම් සේරම් මැරිච්ච ඩයල්. දැන් ඉතින් මම මැරිච්ච සීන් එක මට confirm. මාත් ඉතින් ශේප් එකේ, පෝලිමෙ කොනකට සැට් වුනා.

එක එක ඩයල් ඉන්නව පෝලිමෙ. ඡන්දෙට වැඩ කරල මැරිච් ඩයල්,සිය දිවි නසා ගත්ත ඩයල්,
ඔන්න ඔහොම නානාප්‍රකාර විදියල මැරිච්ච අය.
මට ඉස්සර හිටියෙ පොඩ්ඩක් අමුතු විදියෙ ඩයල් එකක්
මිනිහ මගෙන් අහනව "අයියට මක්කැයි වුනේ කියල ?"
අහපු විදියටම මම හිතා ගත්ත බුවා කොහෙ ඩයල් එකක්ද කියල.. මම ඉතින් මුල සිට සරලව කිව්වෙ විස්තරේ

මං හිමීට් ඇහුව "මල්ලිට ඉතින් මොකද වුනේ කියල" බැලින්නම් මිනිහ පොලීසියට හංගපු ආයුධ පෙන්වන්න ගිහිල්ල මහ රෑ, එතෙන්දි මැරිච්ච ඩයල් එකක්..

"මං බෑම කිව්ව අයියා,. මම කිව්ව මම ගාව හංගපු ආයුධ තියා කං හැන්දක්වත් නෑ. මාව හිරේ දාන්න කියල.... බෑ කියද්දිම මහ රෑ මාව ඇදන් ගිහිල්ල,
අත්බෝම්බයක් දීල දැන් මේකෙන් අපිට ගහල පැනල දුවපන් කිව්ව අයියා "

මං කිව්ව ඔව්ව ගන්න එපා මල්ලි දැන්වත් හොද විදියට ඉන්න බලපන් කියල!!
ඔන්න ඉතින් දැන් පොඩ්ඩ පොඩ්ඩ යන කොට පෝලිමෙ මුල පේනව.

මෙතන ඉන්නව යකෝ අර කස්ට්ම් එකේ වගේ ඩයල් ටිකක්
ඒ වගේම තොප්පි දාගත්ත ශැට් එකක්. එතනින් පොලිම දෙකට බෙදෙනව. බුවාල මොන මොනවදෝ කරල බලල පොලිමේ එන වුන් දෙකට බෙදල දෙපැත්තට තල්ලු කරනව.
මාත් දැන් රත් වෙලා ඉන්නෙ, දැන් ඔන්න මට ඉසසරහ හිටපු, අර මං කලින් කියපු ඩයල් එක ගියා... ගියාම අර කශ්ටම එකේ බුවෙක් අහනව

" කෝ බෑග් දෙක කියල?"

අරූ කියනව" මොන බෑග් දෙකද කියල!!"

"බෑග් දෙක කිව්වෙ උබ ඔය කරේ එල්ලන් ඉන්න බෑග් දෙක කියල." අරුගේ කරෙන් බෑග් දෙකක් ඇදල ගන්නව.

ඒ බෑග් දෙක හරි අමුතු බෑග් දෙකක්. අර කාලයක් ඉස්කෝලෙ යන කොල්ලො අරන් ගිය වවුල බෑග් මතකද?
එන්න ඒ වගේ බෑග් දෙකක්. එකට ලනුවකින් වගේ දෙයකින් සම්බන්ද වෙලා තියෙන්නෙ.
ඉතින් ඒක කරට දැම්මම එක බෑග් එකක් ඉස්සර, අනික පිටිපස්සෙ...

"හැම මිනිහම ජීවත්ව ඉන්න කාලෙ ඔය බෑග දෙක එල්ලන් ඉන්නෙ, ඕකෙ ඇගින් ඉස්සරහ තියෙන බෑග් එකට යන්නෙ
මිනිස්සු කරන පිං, පස්සෙ එකට යන්නෙ මිනිස්සු කරන පවු. තමුසෙලට ඉස්සරහ තියෙන එකේ Size එකනම් හැමවෙලාවෙම පේනව,
පිටි පස්සෙ තියෙනෙ එක කොච්ච්ර ලොකුද කියල දන්නෙ අපි ගැලවල මෙතෙන්දි මනිද්දි තමා "

කියල එතන හිටපු ලොකු කස්ටම් බුවෙක් කියනව ඔය අතරෙ අනිත් බුවලා බෑග් දෙකේ බර මැනල

"තමුසෙ මෙහාට කියල අර බුවාව එක පැත්තකට තල්ලු කරනව..

මම දැන ගත්ත ඕක, ඔය ගියේ අපායට තමයි කියල.. දැන් මූ මගෙත් බෑක් එක ඇදල ගන්නව. යකෝ බෑක් දෙකම එකම සයිස් වගේනෙ.
මම බෑග් දෙක අරුන් මනින්න Digital තරාදියට දාන කොටයි දැක්කෙ, මගෙ පස්සෙ තිබ්බෙ එකේ සයිස් එක.
ඊට පස්සෙ මොනවද කරල ,අරූ කියනව....

"තමුසෙත් මෙහාටම තම්යි ඕයි " කියල අර මැරය ගිය ලයින් එකටම මාව තල්ලු කරා

අම්ම ගහයි ටින් එකෙන් කිව්වලු... එතකොට යකෝ මමත් අපායෙමද??

8 comments:

චමිදේවා said...

හැබෙයි උඹේ මාතෘකාවේ තිය්න විදියටනම් යන්නේ දිව්‍යලෝකෙට...

එහෙම නැත්තන් උඹට අපායත් දිව්‍යලෝකේ වගේ පෙනුනද ඇතුලට ගියාට පස්සේ....:D

පිටස්තරයා said...

මේක පට්ට මචං. මුල ඉඳන් ආයේ කියවන්න ඕනෙ.

සරදියල් said...

@චමිදේවා
හේ හේ තාම් ඉවර නෑ
තව තියෙනවා.. :D

සරදියල් said...

@ පිටස්තරයා
පලවෙනි එකේ ඉදන්ම කියවං වරෙන්කො මචන්.

බොහොම ස්තූතියි මේ පැත්තෙ ඇවිල්ල කොමෙන්ට් එකක් දැම්මට :)

රොයිලි said...

යකෝ මෙන්න මූ ලියනවා දිගට හරහට. පිස්සු හැදෙයි කිව්වලු :D

ධනුෂ්ක said...

අම්මා ගහයි බැට් එකෙන්..........

සරදියල් said...

@ රොයිලි
හේ හේ අපි එහෙම තමයි.. :D
තැන්කූ මචන් මේ පැත්තට ආවට...

සරදියල් said...

@ ධනුෂ්ක
නොගහ කොහොමද බං? හේ හේ
ස්තූතියි මචන් මේ පැත්තට ආවට