Sunday, January 30, 2011

සරදියල් දිව්‍යලෝකයෙ ගිය හැටි 1....

දැන් මේකෙ tittle දැක්කෙ ගමන් හිතනව ඇති නේද මුට අමු කැවිලද කියල... හේ හේ

"නෑ යකෝ ඇත්තටම දිව්‍යලෝක ගියා තමා ඇයි උබට සැකද? "...

"මොකක්??? අලියෙක්ගෙ නැට්ටෙ එල්ලිද ගියේ?. නෑ උබේ....
පොඩ්ඩක් පනින්නෙ නැතුව හිටපන්කෝ දෙයියනේ.. වැරදුනා ,මචං මුල ඉදල කියනකං "
මට බ්ලොග් එක ලියන්න බැරි වුනෙත් ඔය ශීන් එක හිංද තමයි


...මේ සේරම පටන් ගත්තෙ මම උතුවම් කන්දෙන් බැහල කොලොම්තොට පැත්‍තට එන්න තීර්නය කොරපු දවසෙ.
මටත් කන්ද උඩට වේලා හිටිය ජීවිතේ එපා වුනා. ඔන්න ඔහෙ ඕන දෙයක් වෙන්න කියල මම මගෙ ගමන පටන් ගත්ත කොලොංතොටට... ඔහොම කන්දෙන බැහල ආව කඩුගන්නාව ස්ටේසොමට කොලොඹට යන රේල්ලුවල් අල්ල ගන්න කියල. ඔන්න ටිකක් වෙලා ඇන තියන් යද්දි ආව රේල්ලුව.

හපෙ හප්පෝ.. ඒකෙ ඉන්න සෙනග කන්දරාව.. එතන නගින්න හිටියෙ කොලු ගැටයෙක් කියනව "ඇගිල්ලක් ගහන්නවත් ඉඩ නෑනෙ" කියල. මට ඒ කතාවට මල පැන්න මං කිව්වෙ නැද්ද

"උබට සනීප නැද්ද කොලුවො?? මම මේකට නගින හැටි කංපනා කරනව.. උබ මේ නැගල ඇගිලි ගහන්නෙ කොහොමද කියල අහනව?? උබලවගේ වුං හිංද තමයි මේ අංහිසක පිරිමින්ටත් මේ ගෑනු කුඩවලින් ගහන්නෙ කියල"
කොල්ල මොකක් හරි තව කියන්න හැදුවත්,ඌට ඒක කියාගන්න බැරි ,උනා මං ටෝක් එක Issue කරපු වේගෙට. හොද වැඩේ ඕකට..

මාත් ඉතින් කොහොම හරි සරමත් කැහපොට ගහගෙන, ගල්කටස් එකත් කිහිල්ලෙ ගහගෙන එල්ලුනා පුට් බෝඩ් එකේද මොකේද කියන එකේ.... ඔන්න ඉතින් කෝච්චිය යනව, මමත් මේ සේරම ලට්ට ලොට්ට එල්ලගෙන අර මොකද්ද බෝඩ් එකේ එල්ලීගෙන යනව.. මම තමයි යටම ඉන්නෙ.අනිත් උන් සේරම උඩ. ඔන්න ඔහොම ගිහිල්ල
පොල්ගහවෙල ස්ටේසම පහු කලා.. දැන් කෝච්චිය එකශිය ගානට යනව.

මට ඈතින් අනිත් පීල්ලෙන් මොකක්ද එකක් එනව වගේ පේනව.. තව ටිකක් බලං ඉද්දි තමා තේරුනෙ මේ අර චීනෙං අලුතෙන් ගෙනාපු S10 පවර් සැට් එකක්නෙ ඉන්නෙ කියල. මටත් හරි හැපි ඉතින්.. කවද දැකපු S10 ද?
කෝච්චිය මාව දැන් පහු කරල යන්න ඕන්න මෙන්න. මාට ඉතින් ආසාවෙ බැරිකමටම S10 රේල්ලුවෙ ඩයිවර් ..සොරි පයිලට් උන්නැහට අත වැනුව.. ඒක දැකපු මේ යකා ගැහුවෙ නැදද පරාආආආං ගහල හෝන් එක...
බුදු අම්මෝ සුද්දංගෙ කාලතුවක්කු හොදයි බොල...ඒ ගහපු සද්දෙට මගෙ ඇගම, හිරිවැටිලි Stuck වුනා..
අතවනපු හිංද තනි අතෙන් නෙ හිටියෙ, ඒ හිංද දන්නෙම නැතුව මට අත ඇරුන. සේරම ලට්ට පට්ට එක්ක බුවා කොච්ච්චියෙන් වැටුනා... අහෝ.

එක පාරට මුලු Screen එකම, සොරි මං කිව්වෙ ඇස් දෙකම නිල් පාට වුනා... ඒ එක්කම කහ පාට දුමක් ආව...


---

දෙවෙනි කොටස ඉතා ඉක්මනින් බලාපොරොත්තු වෙන්න.

4 comments:

යෝගී... said...

අහ් හා... උඹ දෙවෙනි කොටස ලියන්නෙ දිවියලෝකෙ ඉඳලද? ඇති යංතං පණ ගිහිල්ල හරි පෝස්ට් එකක් ලියන්ඩ මතක් උනා. කතාවනං සිරා.
ඉක්මනට ඉතුරු කෑල්ලත් ලියපං.නැත්තං ඇඟට හරිනෑ වගේ (දානෙ දවසත් කියල එවපං)

-ජය

සරදියල් said...

@ යෝගි
උබ දෙවෙනි කොටස බැලුවනම් ඔහොම කියන්නෙ නෑ මචං :)

රොයිලි said...

අහ් යෝගියා ආපු ගමන් ම සරාටත් බ්ලොග් එක මතක් වෙලා තියෙන්නෙ :P

යෝගියා ඊලඟ එක දාන දවස අහන්නෙ හරියට එයා මේ දවසට දෙක තුන ලියනවා වගේ. අවුරුද්දකටම එකයි ලියන්නෙ එයා :P :P

සරදියල් said...

රොයිලි
හේ හේ ඔය කිව්වට ඕක අදහෙටම ලියයි අපි කාටවත් දැම්ම ලියන්න බැරි පෝස්ට් එකක්.
බලපන්කෝ.