Saturday, February 20, 2010

හෝව් ...හෝව්.... සරදියෙල් අයියා Here

කොහොමද ලමයි ඉතින්...

ඔන්න මාවත් එලවන්ට කලින් පෝස්ට් එකක් දාන්ටයි කියල තමා තනන්නේ :D
අයියෝ අහිතක් හිනතන්ට එපා මේ මාස තුනේ සීමාව පිරෙන්ට පොඩ්ඩකට කලින් මොකක් හරි කුනුහරුපයක් දාල ආයෙ මකබෑවෙනවා කියල :P (මූ කොහොමද පොර ටෝක් දීගෙන ආවෙ මුලින්ම ?මේ බ්ලොග් එක වෙනස්ම එකක් වෙයි කියල. කිරි ආච්චිගෙ රෙද්ද තමා වෙනස :D)

මට නම් තාම මම බ්ලොග්කරුවෙක් කියල කටක් ඇරල කියන්ඩ බෑ. මොකද දැන් මේක පටන් අරගෙන අවුරුද්දකටත් කිට්ටු වේගෙන එනවා. තාම එක අතක ඇගිලි ගානටවත් ලිපි ලියල නෑ:P ලිපි නොලියවෙන්ට සාධාරණ වගේම පට්ට අසාධාරන හේතුත් තිබ්බා:P

දැන් සෑහෙන්න කාලෙක ඉදල ටිකක් බරපතල මාතෘකාවක සම්බන්ධයෙන් ටිකක් තඩි පොස්ට් එකක් ලියාගෙන මේක අස්සෙ Draft කොරගෙන ඉන්නවා(අම්බෝ නෑ.... ඇන්ගලන්තෙ රජකොරන අපෙ කිරි ආච්චි පල්ලා දේශපාලනය ගැනනම් නෙමේ ඒ :D) ඒ ලිපිය බරපතල වැඩි හින්දද මංද ඒක ෆයිනලයිස් කොරල දාන්ඩ හිත දෙන්නෙම නෑ අයියො:P

පහුගිය කාලෙ ජීවිතේ ගැන කිව්වොත්...(හ්ම්ම් කියලත් බෑ.. නොකිව්වොත් ලියන්ඩ දේකුත් නෑ :P)
ජීවත් වෙන රටාව ඉදන් හැම දෙයක්ම ටිකක් වෙනස් වුන කාලයක්. ඔක්කම වෙන්නේ හොදටයි කියල ඉතින් මාත් වැඩ ටික කොරගෙන ගියා. ඒ ටිකේ පොඩි ලොකු වැඩකට අත ගැහුවා. වැලන්ටයින් ඩේ එකේම නමෝ විත්තියෙන් වැඩේ ඉවර කොරල ලොකු ගානකුත් කුඩුකරගෙන අතපිහ ගත්තා (නෑ නෑ අයියො.. ඔය හිතන විදියෙ දෙයක් නෙමේ .. දන්නෝ දනිති ;) )

හ්ම්ම් ඊට අමතරව අපේ රොයිලි බුවා නොහොත් Subtitle Guru එක්ක අපේ බයිස්කෝප් සයිට් එකට Subtitle ටිකක් කොලා..(ඔන්න ඒව්ව දැන් පිටකොටුවෙ ගජරාමෙට විකිනෙනවලු) හ්ම්ම් තව අපේ Antrax සහෝදරයට දේකේ දෙකේ ලොකු කොස් පොල්ලක් තිබ්බා බුවාගෙ hacker.lk වල Developing වැඩ වලට උදව් වෙනව කියල... තව ගිය මාසෙ අග ඉවරවෙච්ච විහිලු වැඩසටහන් ටික බැලුව.(Season 2 අවුරුදු ලංවෙලා තියෙනවලු) හ්ම්ම්ම්ම්ම්... තව මාත් එක්ක හැම වෙලාවෙම මගෙ අමුඩ ලේන්සුව වගේ ඉන්න(ඕක මට පැදුරුකඩමල්ල කිව්වා ඒකයි :D) යෝගියා බ්ලොග් කෙරුවාව පටන් ගත්තා.. ඊට අමතරව මට කවදාත් මදි නොකියන්ඩ දෛනිකව පෙරෙලෙන බාල්දි ටික පෙරලුනා:P

ඔන්න ඔහොමලු වුනා කියන්නේ.. අදත් හිතේ හැටියට ලියවුනේ නෑ අයියෝ :( මේක පටන් ගද්දි මට තිබ්බ මූලිකම අරමුනක් තමා තාක්ෂනික දේවල් ගැන ලියන්ඩ. ඒත් මේ දැන් තාක්ෂණික බ්ලොගුත් වැහි වැහලනේ:P කොලුව මේ ටිකේ එකතරා තාක්ෂණයක වීශේෂ පැත්තක් ගැන වැඩි දුර ඉගෙනගනිමින් සිටිනවා. හැබැයි ඒ පැත්ත ලංකාවටනම් ටිකක් අලුත්. පුලුවන් වුනොත් ඉදිරියෙදි එම විෂය ගැන සිංහලෙන් ලිපි ටිකක් ලියනවා.

මීට අමතරව හිතේ හැටියට බ්ලොග් ලියවෙන්නෙ නැති ප්‍රධාන හෙතුම තමා මේ කොලුවගෙ යටිහිතේ තියෙන දේවල් එලියට දෙන්න තාමත් තියෙන අකමැත්ත. එහෙම නැත්තම් කණ පැලෙන්ඩ ලියන්ඩ දේවල් තියෙනවා.
කොහොම හරි හිත් දෙකම Negotiate කොර ගන්ට දැඩි උත්සහයක් දරන්නම්.
එහෙනම් ලගදීම හමු වෙනකම්..

කට්ටියටම ජයවේවා

අමාරුවෙන් කියෙව්වට බොහොම තුති... මං දන්නවා දැන් මට හිතෙන් බැන බැන ඇති කියල
ඇයි හිතේ තදකොරගෙන ඉන්නෙ.. ඔන්න ඔතන පහල ඇති Comment කියල කෑල්ලක් ඕක ක්ලික් කොරල හිතේ තියෙන තරහ නිමාගෙනම යන්ටෝ.................

14 comments:

Anonymous said...

ඇති යාන්තම්, බ්ලොග් එකක් තියෙනවා කියලා මතක් උනා නම්...
සරා ඔය සිරාවට ඇෂ්ඨි හැලෙන්න ලියලා තියෙන්නේ..
ඔන්න ඔහොම ලියාපංකෝ, මාසෙකට සැරයක් වත්..

Anonymous said...

මූ කියනවනේ හිතේ තියෙන එව්වා ලියල දාන්ට කියලා.මේක කියෙව්වහම ඉතිං මටනං විශිෂ්ඨ ගණයේ වදන් කීපයක් මතක් වෙනවා.මෙතන ලියන්ට බෑනේ මලයා.හම්බුනාම කියන්නං.(මොකද මගේ කීර්තිනාමයට හානි වන පරිදි ප්‍රකාශ නිකුත් කරල තියෙනව)
හී හී.විහිළුවක් මචෝ.වැ‍ඩේ හොඳයි.දිගටම ලියපං ( නැත්තං මං උඹට කියලා බලෙං හරි ලියවන්නං )
-ජය

බිඟූ said...

මේ ඉන්නේ ඇවිල්ලා.
මොකෝ තුවක්කුවත් පත්තු උනාද අර පොළිස් කාරයාට වගේ

/බිඟුවා...!

සරදියල් said...

@පිස්සා
හේ හේ(උබෙන් උස්සපු හිනාව)
එල එල.. එහෙම කොරන්ට තමා කලපනාව ටැන්කූ මේ පැත්තෙ ආවට

@යෝහී
අනේ පලයන් යන්ඩ(සම්නලයා) හී......

@ බිඟුවා
හී..හී.. තාම යහතින් ඉන්නවා බං
ටැන්කූ කිව්වා උබටත් මේ ඉසව්වෙ ආවට..

budhajeewa said...

ඔය කීව අලුත් තාක්‍ෂණේ ගැන දැම්ම ලියන්න පටංගත්තනං හොඳා.

Unknown said...

මදෑ ඔහොම හරි ලිව්ව.

"ඇයි හිතේ තදකොරගෙන ඉන්නෙ....."
නෑ, මේ පනිවිඩේ යවන්න ඕන විදිය කල්පනා කර කර ඉන්නෙ.
සරදියල්ව මරන්න එපා, බේරන්න?
සරදියල්ව මරන්න, එපා බේරන්න?

Anonymous said...

අනේ මුගෙයි මගෙයි බ්ලොග් ලිවිල්ල. ආයේ මාස තුනක් යන්න දවස් දෙක තුනක් තියලා ඇවිල්ලා මම ඉන්නවා කියලා යයි යන්න. එහෙමවත් කියල යන්න එන එකත් මදෑ. :P

ප.ලි.
මෙහි මාව මුරුංගා අත්තේ තැබීම මුදල් ගෙවා/නොගෙවා ප්‍රචාර කර ගැනීමක් නොවන බව කරුණාවෙන් සලකන්න.

Anonymous said...

ඇවිත් ගියාට මදි මචං.. ලියපං මචං! කාලෙකින් ඔන්න මමත් ලිව්ව...

සරදියල් said...

@ Supun Budhajeewa
ඉක්මනටම පටන් ගන්නම්

@änthräX
අනේ යකෝ??

@ roylyfernando
: + කැපිටල් පී

@ නුවන් චින්තක
මොකද පහුගිය ටිකේ අතුරුදහන් වෙලා සිටියෙ :D ?

මනුසත් said...

"තව මාත් එක්ක හැම වෙලාවෙම මගෙ අමුඩ ලේන්සුව වගේ ඉන්න(ඕක මට පැදුරුකඩමල්ල කිව්වා ඒකයි :D) යෝගියා බ්ලොග් කෙරුවාව පටන් ගත්තා"

ඌ නම් මාර සිරාවට ලියනව නේද??
ඇඟේ මයිල් කෙලින්වෙන්න ලියනවා.
උඹත් නරක නෑ.

Anonymous said...

මේක නම් ඔයා දකින්න තව මාස කීපයක්ම යයි නේද..?
සරදියෙල්ට වැඩනෙ..බ්ලොග් ලියන්න කොහෙද වෙලාවක්.
ඔන්න යෝගියා තමා කිව්වේ සරදියෙල් කෙනෙකුත් ඉන්නවා කියලා.ඔයා ගේ බ්ලොග් එකට එන්නත් බයයි හලෝ..:-)D
උතුවන් කන්ද වගේමයි කලුවර කාමරයක් [joke]
මන්දාකිණියට ඔයාලා කරන උදව්වට බොහෝම ස්තුතියි.මගේ ලෝකය නංගිට ඔයා මන්දාකිණිය ගැන කියලා තියනවත් මම අද උදේ දැක්කා.
තව දෙයක් හැබැයි ඉතින් ..පොස්ට් 1 දාන්න නම් අමතක කරන්න එපා ඔන්න.
මම ප්‍රාර්ථනා කරන්නේ පුලුවන් ඉක්මනට ලියන්න වෙලාව ලැබෙන්න කියලයි..
සුභ පැතුම්..!!

සරදියල් said...

@ nimanthi
ස්තූතියි අක්කෙ මේ පැත්තෙ ආවට. ඉක්මන්ටම පෝස්ට් එකක් ලියන්න බලාපොරොත්තු වෙනවා.

@මනුසත්
ස්තූතියි මචන්

said...

උඹ පනපිටින් ඉන්නවද? :-D

සරදියල් said...

@ maree
Still Alive machoo. thnx for the visit :)