Sunday, May 3, 2009

සතියක් ඇතුලත Duplicate සරදියල්ලා බිහිවීම සහ බ්ලොග් ලිපි හොරු

සුදාරක මල්ලිගේ බ්ලොග් අඩවියේ සදහන් වී තිබු "සස්රුත - සත්‍යයේ රූපතාව" ලිපිය මාද කියවා මමද එම සෙවුම් යන්ත්‍රයෙ සරදියෙල් යන්න යොද සෙවීමක්ට ලක් කලෙමි.

එවිට මගේ බ්ලොග් 1 ට අමතරව මා ලියූ මගේ ලිපියක් තව බ්ලොග් 2 තිබෙනවා මට දැකගතහැකිවිය තවම සතියක් පමන වයසැති මගේ බ්ලොග් අඩවියේ title 1පවා ඔවුන්
යොද ගෙන තිබිනි. තව දුරටත් සෙවීමෙදී ඩනිෂ්කගේ ලිපි කිහිපයක් හා බෝ ගේ ලිපියක කොටසක් දැක ගන්නට හැකිවිය. කිසිම නිර්මාණශිලී හැකියවක් නොමැති, ගහැණු හෝ පිරිමි එක වර්ගයක්ටවත් අයත් නොවන මොවුන්ගේ අරමුණ වී තිබෙන්නේ අනුන්ගේ ලිපි හොරකම් කොට එම ලිපි එම හොරුන්ගේ බ්ලොග් අඩවි වල සදහන් කොට google adsence මගින් මුදල් සෙවීමයි. කිසිම තාක්ෂනික දැනුමක් නොමැති මෙම ඔලමොට්ටලයන් google adsence සදහා Sinhala Unicode සහිත බ්ලොග් යොද ගත නොහැකි බව පවා නොදන්නේය. එය ඔවුන් දැන ගනු ලබන්නේ තව නොබෝ දිනකින් එම හොරුන්ගේ google adsenc Accounts තහනම් වූ විටය..

මෙම ලිපි වල කතුවරුන් මෙම ලිපි හොරකම් කිරිමට අදලව Copyright Content යටතේ යම් කිසි පියවරක් ගනු ඇතයි මම බලොපොරොත්තුවෙමි.

මෙන්න එහම් හොර බ්ලොග් අඩවි වල ලිපින..
http://tagosakanto.blogspot.com/
http://saradiyallearn.blogspot.com/2009/04/blog-post.html

මම මෙම ලිපින සදහන් කරන්නේ දැනගැනීම සදහා පමනි. මෙම අඩවි වලට නිතර ගොස් ඔවුන්ගේ Traffic වැඩි නොකරන මෙන් ඉල්ලා සිටිමි.

අනෙක අයද http://www.sasrutha.com අඩවියට ගොස් ඔබගේ ලිපිද සොරුන් විසින් පාවිච්චි කරනවදැයි සොයාබලන්න
සිංහල බ්ලොග් කියවනය සදහා මෙම ලිපින අතුලත් කර නොගන්නාක් ලෙස ඇඩ්මින් වරුන්ගෙන් ඉල්ලා සිටිමි

10 comments:

Indranama said...

සරදියෙල් අයියේ,
මේ දවස්වල බ්ලොග් හොරු වැහි වැහැලා. මහා පරිමාණ හොරෙක්ව දැන් සති දෙකකට කලින් අපි අල්ලා රෙදි ගැලවූ පසු ඌ බ්ලොග් එක අකුලගත්තා.

මොනවා කරන්නද, මේ පො*** අනුකම්පා කරන්න තමා තියෙන්නේ. තමන්ට ලියන්න බැරි නිසානේ අනුන්ගේ එව්වා කොපි කරන්නේ.

සරදියල් said...

@ ප්‍රවීන් ඉන්ද්‍රනාම
එක තමා මල්ලී.. වර්ගේ හැටි... බලමුකෝ මොකටද එන්නෙ කියලා..

said...

හැම ඔරිජිනල් දේකටම ඩුප්ලිකේට් එකක් තියෙනවනේ

Gayan Kalhara said...

ඕව්ව ඉතින් අර"සර්" ලගෙ වැරදි. ඇඩ්සෙන්ස් සල්ලි උගන්න 5000-6000 අරන් ඊට පස්සෙ කියල දෙන්නෙ ඕනෙ පොඩි එකෙක්ට කරන්න පුලුවන් ෆ්‍රී බ්ලොග්ස්පොට් කෙරුවාව තමයි. තව ටික දවසකින් අපිට ඇඩ්සෙන්සෙ සපෝර්ට් කරන්නෙ නැතුව ගියොත් පුදුමයක් නෙමෙයි

මුන් උහන්නන්නෙම කොපි කොරන්න මිසක් හරි බ්ලොග් කෙරුවාවක් නෙමෙයි. ඉතින් පව් අසරනයො මොනව කරන්නද?. අපිට ඉතින් ඒවගේ අයට කරන්න පුලුවන් ලොකුම උදව්ව බ්ලොග් එක රිපෝර්ට් කරන එක තමයි

මම බ්ලොග් භාර කාර මණ්ඩලයක් සාදාගැනීමේ අදහස නැවතත් මතු කරනවා. ඒහා සැලසුම්ද මා ලඟ තිබෙනවා. මොකද කියන්නෙ ?

සරදියෙල් මාමෙ. වර්ඩ් වෙරිෆිකේශනය තිබ්බාට පර සුද්දන්වත්. බ්ලොග් හොරු වත් නවත්තන්න බෑ. ඒක අයින් කොරන්න

සරදියල් said...

@ Gayan Kalhara
ඔන්න කොලුවො මම වර්ඩ් වෙරිෆිකේශනය එක අයින් කලා
මොකද්ද කොලුවො අර බ්ලොග් භාර කාර මණ්ඩල කතාව
අපිටත් දැන ගන්න කිව්වනම් බලන්න කොල්ලගේ අදහස...

Gayan Kalhara said...

සිංහල බ්ලොග් කරුවන් ගෙ නිර්මාණ වලට.සිද්දවෙන මේවගේ කොපි කිරීම්. දූෂනය කිරීම් වගේ එව්ව පාලනය කොරන්ට අපි අතරින්ම කස්ටියක් හොඳ සීරුවෙන් ඉන්ට වැඩ පිලිවෙලක්. සින්හල බ්ලොග් සංසදේ පාඨයත් ඉතින් අයිතිය ආරක්ශා කිරීම නොවෑ. ඒකම තව පියවරක් ගෙනයාමක් ගැනයි කිව්වෙ

හරියට ක්‍රියේටිව් කොමන් ක්‍රියාකරනව වගේ (ලංකාවට ඒකෙන් සැපක් නෑ නොවෑ)

Gayan Kalhara said...

ඒවගේ කාරියකට පැලෑනක් ගහල මගේ බ්ලොගේ දාන්නම් කෝ. සරදියෙල් මාමාත් අර හංගල තියෙන තුවක්කුකොට එහෙම ඇන්න එන්ට

සරදියල් said...

දාපන්කො බලන්න කොලුවො එහෙනං
අපිත් මොකක් හරි උදව්වක් කොරන්නන්

budhajeewa said...

@ ගයාන් කල්හාර :
හම්.. බලපත් ක්‍රමයක් සකස්කරගැනීම නම් උචිතයි. පිහිටුවාගනු ලබන ආයතනය නීතිමය පාර්ශවයන් ගැනත් හොයා බලනව නම් හොඳයි.

බිඟූ said...

එල. මොනවා හරි ගේමක්නම් දෙන්න වෙනවා

/නිශාන්ත